අගවිනිසුරු ඉවත් කිරීම හැර විකල්පයක් නැහැ - ජනාධිපති ප්‍රකාශක.

Saturday, 12 January 2013 - 19:01

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A.


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව පිළිබද පාර්ලිමේන්තුව ලබාදුන් තීරණය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් ජනාධිපතිවරයාට නොමැති බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක මොහාන් සමරනායක පවසනවා. ඔහු කියා සිටියේ ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරි තීරණ ගනු ඇති බවයි. මීට අමතරව අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ප්‍රතිපාදන නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විද්වත් කමිටුවක් පත් කරන බවට මීට පෙර ජනාධිපතිවරයා සදහන් කර තිබුනේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් නීති විශාරදයන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක මොහාන් සමරනායක අවධාරණය කළා.   

පාර්ලිමේන්තුවේදී ඊයේ (11) වැඩි ඡන්දයෙන් සම්මත වූ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තීරණය ඊයේ රාත්‍රියේම ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණා. ඉදිරි දින දෙක, තුන තුළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. නව අගවිනිසුරුවරයා මේ මස 18 වැනිදා දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර, අගවිනිසුරුවරිය ඉවත් කිරීම සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය සූදානම් වනවා. එම සංගමයේ ලේකම් නීතීඥ සංජය ගමගේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ අද (12) පෙරවරුවේ පැවති සිය සංගමයේ මාසික නියෝජිත සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. අගවිනිසුරුවරිය ඉවත් කිරීම හෝ ඉවත් නොකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපතිවරයා සතු බැවින් ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු බව අධි නීතිඥ ගෝමින් දයාශ්‍රී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වී ජනාධිපතිවරයාට ලැබුණ ද එයට අත්සන් තැබීම හෝ නොතැබීම තම අභිමතය පරිදි සිදුකිරීමට ජනාධිපතිවරයාට හැකි බවයි.
 
[MP3]s51309[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More