බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් 3 දෙනෙකු රිමාන්ඞ්.

Sunday, 13 January 2013 - 10:09

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

කිරිගරුඩ පාෂාණයෙන් නිම කරන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මහනුවර, පළාත් ත්‍රස්තවිරෝධී මෙහෙයුම් කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා රාත්‍රී කාලයේදීයි. කඩුගන්නාව - කඩවත්ගම ප්‍රදේශයේදී නිවසක සැකකරුවන් මෙම රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව තවත් පුද්ගලයෙකු අලෙවි කිරීමට සැලසුම් කර තිබුණා. ඊයේ මෙම පුද්ගලයින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories