මැර ප්‍රහාරයකින් පදවියේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකු මරුට.

Sunday, 13 January 2013 - 13:14

%E0%B6%B8%E0%B7%90%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

ජීප් රථ දෙකකින් පැමිණි නාදුනන මැර කණ්ඩායමක් සිදුකළ පහරදීමකින් පදවිය - බෝගහවැව - කොන්කැටියාවේ පදිංචි ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිකයෙකු මියගොස් තිබෙනවා. සී.එල්. සනී සේනාරත්න නැමති මෙම මියගිය තැනැන්තා තම පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණද සනාථ කළා. ඊයේ රාත්‍රී 7.30 ට පමණ ඔහුගේ නිවස ඉදිරිපිටදී මෙම මැර ප්‍රහාරය එල්ල වී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු වෑන් රථයකින් පදවිය රෝහල කරා රැගෙන යන අතරතුරදී මරණයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

42 හැවිරිදි මියගිය සනී සේනාරත්න නැමැත්තා සිව් දරු පියෙක්. ඔහු සිය නිවසට යාබදව කුඩා වී මෝලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ (12) රාත්‍රියේ ලොරියක රියදුරෙක් ඔහුගෙන් හාල් කිලෝ 10ක් මිලදී ගැනීමට පැමිණ කථා බහ කරමින් සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිස පහරදී තිබෙනවා. මෙම තැනැත්තා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බධයෙන් පදවිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. මියගිය තැනැත්තා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පදවිය රෝහලේදී පැවැත්වීමට නියමිතයි.



කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More