ශ්‍රී ලාංකිකයන් ඇතුළු තවත් ගෘහ සේවිකාවන් 45 ක් සෞදියේ මරණ දඩුවම අභියස.

Sunday, 13 January 2013 - 13:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+45+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83.



ශ්‍රී ලාංකිකයන් ඇතුළු තවත් ගෘහ සේවිකාවන් 45 දෙනෙකු පමණ සෞදි අරාබියේ මරණ දඩුවම අපේක්ෂාවෙන් සිටින බව බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත හෙළිදරව් කළා. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මෙන්ම පිලිපීන, ඉන්දීය සහ ඉතියෝපියානු ගෘහ සේවිකාවන් මෙලෙස මරණ දඩුවමට නියම වී ඇති බවයි එමගින් අනාවරණය කළේ. එමෙන්ම, මෙම ගෘහ සේවිකාවන් සියල්ලටම පාහේ සාධාරණ නඩු විභාගයක් හෝ නීතීඥ සහය නොලැබී ඇති බව සෞදි අරාබියේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ගාඩියන් පුවත්පත සඳහන් කළා. තමා දූෂණය කිරීමට තැත් කළ හාම්පුතෙකු මුළුතැන්ගේ පිහියකින් ඇණ මරා දැමූ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක ද ඒ අතර වනවා. 2012 වසරේදී සෞදි අරාබිය පුද්ගලයන් 69 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කළ අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් ද ඊට ඇතුළත්.  සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑපන් දහසකට අධිකයි.

මේ අතර, සියරට ගෙන්වා ගත් සෞදියේ ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් වෙනුවට වෙනත් කෙනෙකු පත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ මෙම පත් කිරීම ඉදිරි සති කිහිපය තුළ සිදුකරන බවයි. සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට මරණ දඩුවම ලබාදීමට අප්‍රසාදය පළ කරමින් සෞදියේ ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් වහාම ක්‍රියාත්මක වන පරිදි මව්බිමට කැඳවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පසුගිය බ්‍රහස්පතින්දායි. මෙම කැඳවීම තාවකාලික එකක් නොවන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.