අගවිනිසුරුවරියගේ නීතීඥයින් අධ්‍යයනයක.

Sunday, 13 January 2013 - 14:07

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.



නව අගවිනිසුරුවරයෙක් පත් කළහොත් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තමන් අධ්‍යයනය කරමින් සිටින බව අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පවසනවා. එවැනි පත්කිරීමකට එරෙහිව අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක් ලබාගැනීමට සූදානමක් පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ. එවැනි පියවරකට ඔවුන් සූදානම් වන්නේ  දෝෂාභියෝග තේරීම්කාරක සභාවට නීත්‍යානුකුළ බලයක් නොමැති බව පවසමින්, අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව පදනම් කරගෙනයි. කෙසේ වෙතත්, මේවනතුරු එවැනි තීරණයක් ගැනීමට සූදානමක් නොමැති බව අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළා.
[MP3]s51351_1[/MP3]

විධායකය විසින් නව අගවිනිසුරුවරයෙකු පත්කළහොත් ඊට එරෙහිව පියවර ගත හැකිදැයි හිරු ප්‍රවෘත්ති අංශය අධිනීතීඥ ගෝමීන් දයාශ්‍රී ගෙන් විමසීමක් කළා.

[MP3]s51351_2[/MP3]

නුසුදුසු පුද්ගලයෙකු අගවිනිසුරු තනතුර සඳහා පත් කළහොත් එවැනි පියවරක් ගත හැකි බව ද ඔහු කියා සිටියා.

[MP3]s51351_3[/MP3]