කැළණියට බැසිල්ව ඉල්ලයි.

Sunday, 13 January 2013 - 18:54

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

තමන් කිසිවිටකත් පුරප්පාඩුව පවතින කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය භාර ගැනීමට සූදානම් නැතැයි පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පවසනවා. අමාත්‍ය මර්වින් සිල්වා ඉවත් වීමෙන් පුරප්පාඩු එම තනතුරට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පත් කරනු ඇතැයි පළව තිබෙන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.

[MP3]e51368_1[/MP3]

කෙසේ වෙතත්, කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැළණිය ආසන සංවිධායකවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ ඒ පිළිබදව පැහැදිලි කරන කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර.


[MP3]e51368_2[/MP3]

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.