අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ලිපිය ඇයගේ නීතිඥයන්ගේ අධ්‍යයනයට.

Sunday, 13 January 2013 - 19:05

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.



අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් අත්සන් කළ අධිකාරී පත්‍රය අගවිනිසුරුවරිය වෙත ලැබී ඇතැයි ඇයගේ නීතිඥයින් පවසනවා. ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ප්‍රකාරව අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ නියෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (13) උදෑසන අත්සන් තැබුවා. එය ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙත භාර දුන් බවයි ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ. මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක.

[MP3]s51370_1[/MP3]

කෙසේ වෙතත්, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ පාර්ශවය මේ පිළිබඳව මෙතෙක් නිළ ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළේ අදාළ නියෝගය පිළිබදව නීතිඥවරුන් කරුණු අධ්‍යයනයක නිරත වන බවයි.

[MP3]s51370_2[/MP3]
 
මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමග සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා. එමෙන්ම හෙට (14) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More