තෛපොංගල් පණිවුඩ

Monday, 14 January 2013 - 8:03

%E0%B6%AD%E0%B7%9B%E0%B6%B4%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9

මනුෂ්‍යා හා සොබා දහම අතර ඇති දැඩි සබැඳියාව හා එදිනෙදා ජීවිතයේදී හා දෙවියන් වන්දනාමාන කිරීමේදී ඇති එකමුතු බව තෛපොංගල් උත්සවයෙන් සනිටුහන් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සිය සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ එළඹෙන වසරේ හොඳ අස්වැන්නක් සහ යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්ඩ ආශිර්වාදය පතා හිරු දෙවියන්ට කරන බුහුමන් දැක්වීම තුළින් සාර්ථකත්වය ළඟාවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ඒ අනුව ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත්, භාග්‍යවත් තෛපොංගල් දිනයක් සඳහා සිය සුබපැතුම් එක් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සිය පණිවුඩයේ පෙන්වා දෙන්නේ.

වසර 30 ක යුද්ධයකින් පසු ශ්‍රී ලංකාවට සාමය උදාවී ඇති මොහොතක සැමට කෘතවේදීත්වය පළ කරන සාමය සමගිය අපේක්ෂා කරන තෛපොංගල් උත්සවය ජාතිබේදයකින් තොරව මෙරට සියලූදෙනාට සුවිශේෂී උත්සවයක් වන බවයි අග්‍රාමාත්‍ය දිමු ජයරත්න සිය තෛපොංගල් සුබපැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ. සශ්‍රීකත්වය යදිමින් සූරිය දෙවියන් වන්දනා කරන සෞභාග්‍යමත් තෛපෝංගල් දිනයේ සියලූදෙනාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වී රටේ සාමය මෙන්ම සෞභාග්‍යයද උදාවෙනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමානාත්මතාවයේ ගරුත්වය සහ කෘතවේදීතාවය තෛපොංගල් උත්සවයෙන් මුළු ලොවටම පෙන්වා දෙන බවයි. ඒ අනුව සමානාත්මතාවයට ගරු කරන කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට සියලූදෙනා මේ තෛපොංගල් දිනයේදී අධිෂ්ඨානය කරගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More