මාලි රාජ්‍යය මුස්ලිම් අන්තවාදීන්ගෙන් මුදවා ගන්නා බවට ප්‍රංශය කියයි.

Monday, 14 January 2013 - 11:37

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවති මාලි රාජ්‍යය, ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණයෙන්ම මුදාගන්නා බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට මාලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ අන්තවාදී කැරලිකරුවන් අත්පත්කරගෙන සිටින නගරවලට ප්‍රංශ ගුවන් හමුදා ප්‍රහාර එල්ලකොට තිබෙනවා. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් එම නගර සියල්ල මුදවාගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මාස කිහිපයක් තිස්සේ පවතින ගැටුම්වලින් 100 කට අධික ඉස්ලාමීය කැරළිකරුවන්  පිරිසක් මියගොස් ඇති අතර මාලි රාජ්‍යයේ ආරක්ෂක සෙබලූන් 11 දෙනෙක්ද එක් ප්‍රංශ ගුවන් නියමුවෙක්ද ගැටුම්වලින් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories