මොහාන් පීරිස්ගේ නම පාර්ලිමේන්තු සභාවට.

Monday, 14 January 2013 - 12:57

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

නව අගවිනිසුරු තනතුර සඳහා සුදුසුස්සෙකු තෝරාගැනීමට පාර්ලිමේන්තු සභාව හෙට (13) උදෑසන 10 ට රැස්වීමට නියමිතයි. ඒ සඳහා වන ලිපි මේ වනවිට එහි සාමාජිකයින් වෙත යොමු කර ඇති බවයි වාර්තාවන්නේ. හිටපු නීතිපති මොහාන් පීරිස්ගේ නම ජනාධිපතිවරයා  පාර්ලිමේන්තු සභාව වෙත යෝජනා කර ඇති බව වාර්තාවනවා. අද කොළඹ පැවති ජාතික නීතීඥ සංගමයේ හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයාද ඒ බව තහවුරු කළා. විපක්ෂ නායකවරයා නව අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

[MP3]s51405[/MP3]

18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාට අමතරව සුළු ජාතීන් නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළත්.

 
කෙසේ වුවත් පාර්ලිමේන්තු සභාවේ විපක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.එම්. ස්වාමිනාදන් මෙතෙක් පැවති කිසිදු පාර්ලිමේන්තු සභා රැස්වීමකට සහභාගි වී නැහැ. ඔවුන් හෙට පැවැත්වෙන රැස්වීමටද සහභාගි නොවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.



කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More