නව අගවිනිසුරු පත්කිරීම හෙට.

Monday, 14 January 2013 - 19:02

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

නව අගවිනිසුරුවරයා හෙට පස්වරුවේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසනවා. ඒ අනුව, බොහෝදුරට නව අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපතිවරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ නීති උපදේශකවරයා වන මොහාන් පීරිස් දිවුරුම් දෙනු ඇති බවයි එම ආරංචිමාර්ග සඳහන් කළේ. ඔහුගේ නම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සභාව වෙත යොමුකර තිබෙනවා. නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ නම පාර්ලිමේන්තු සභාව වෙත අද (14) යොමු කළ බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක තහවුරු කළා. ඔහු සඳහන් කළේ ඒ අනුව නව අගවිනිසුරුවරයාගේ නම හෙට (15) ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.

නව අගවිනිසුරුවරයෙකු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කරනු ලබන නාම යෝජනාව පාර්ලිමේන්තු සභාව විසින් අනුමත කළ යුතු වනවා. කෙසේ වෙතත්, 18 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුමත නොකළ ද ජනාධිපතිවරයාට තම නිර්දේශයට අනුව අදාළ පුද්ගලයා පත් කිරීමේ හැකියාව පවතිනවා.

18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාට අමතරව සුළු ජාතීන් නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළත්.

කෙසේ වුවත් පාර්ලිමේන්තු සභාවට විපක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.එම්. ස්වාමිනාදන් මෙතෙක් පැවති කිසිදු පාර්ලිමේන්තු සභා රැස්වීමකට සහභාගි වී නැහැ. ඔවුන් හෙට (15) පැවැත්වෙන රැස්වීමටද සහභාගි නොවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

මෙරට අගවිනිසුරු ධූරාවලිය පිරික්සීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස නොසිට අගවිනිසුරුවරයෙකු පත් වූ අවස්ථා දෙකක් පවතිනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් පෞද්ගලික නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා ලෙස පත් කළ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ දී සරත් එන්. සිල්වා අගවිනිසුරු ධුරයට පත් කිරීමේ දී ඔහු කටයුතු කරමින් සිටියේ නීතිපතිවරයා ලෙසයි.

කෙසේ වෙතත්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වර්තමානයේ පවතින ගැටළු සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්ම අගවිනිසුරු ධුරයට පත් කිරීම වඩාත් යෝග්‍ය බවයි.

[MP3]s51427[/MP3]