අවිස්සාවේල්ල සිර මැදිරියෙන් පැන ගිය 3ක් අල්ලයි.

Tuesday, 15 January 2013 - 8:18

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

කුරුවිට බන්ධනාගාරයට අයත් අවිස්සාවේල්ල සිරමැදිරියෙන් පැන ගිය රැඳවියන් 10 දෙනාගෙන් තවත් තුන් දෙනෙක් ඊයේ (14) පස්වරුවේ කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ රැදවියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිශාන්ත කුමාර, දිමුතු කුමාර සහ ගාමිණී නිශාන්ත යන රැදවියන් තුන්දෙනායි. මොවුන් කොස්ගම සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. විවිධ නඩු කටයුතු සඳහා රැගෙන විත් අවිස්සාවේල්ල සිර මැදිරියේ රදවා සිටියදී එහි ආරක්ෂාවට සිටි බන්ධනාගාර නියාමකයින්ට පහර දී සැකකරුවන් පැන ගියේ පසුගිය 10 වැනිදා අලූයමයි. පසුව පැන ගිය රැදවියන් තුන්දෙනෙකු පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ (14) අත්අඩංගුවට ගන් ලැබූ සැකකරුවන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.