උපරිමාධිකරණ සංකීර්ණයට දැඩි ආරක්ෂාව.

Tuesday, 15 January 2013 - 12:41

%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502හි අද විභාග වීමට තිබූ නඩුවක් ඇය නොපැමිණීම හේතුවෙන් අංක 403ට මාරු කර තිබෙනවා. අධිකරණ දිනපොතෙහි මෙම නඩුව අද (15) පෙරවරුවේ විභාගයට ගැනීමට නියමිතව තිබූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට  අමතරව එස්.අයි. ඉමාම් සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද ඇතුළත්. කෙසේ වෙතත් ඇය අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙම නඩු කටයුත්ත උපරිමාධිකරණ සංකීර්ණයේ අංක 403ට මාරු කර තිබෙනවා.

 

මේ අතර, නීතිපති මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයේ දිවුරුම්දීම වළක්වාලන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඔවුන් සිය පෙත්සම මගින් කියා සිටින්නේ අගවිනිසුරු ධුරයේ නීත්‍යානුකූල පුරප්පාඩුවක් නොමැති බවයි. එබැවින් ඔහු එම තනතුරේ වැඩ භාර ගැනීම හෝ ක්‍රියා කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

අද උදෑසන සිට උපරිමාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනවා. ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා එම ස්ථානයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු අරුණ රත්නායක.

 

[MP3]s51472_1[/MP3]

 



මේ අතර, නීතිඥවරුන් කිහිප දෙනෙකු සහ උපරිමාධිකරණ සංකීර්ණය අසළ ආරක්ෂාවේ යෙදී සිටි පොලීස් නිලධාරීන් අතර අද (15) දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, එම නීතිඥවරුන් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට උත්සාහ කිරීම හේතුවෙන්. එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගලයි මාධ්‍ය හමුවක් පවත්වන බව ප්‍රකාශ කළේ. මේ එම අවස්ථාවේ ඇති වූ තත්ත්වයි.

 

[MP3]s51472_2[/MP3]

 

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති දෛනික මාධ්‍ය හමුවේදී ද මෙරට අගවිනිසුරුවරිය ඉවත් කිරීම හා ඇති වී තිබෙන වර්ධනයන් පිළිබදව සාකච්ඡාවට ලක් කෙරුණා. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නිව්ලන්ඞ් කියා සිටියේ මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශීය ආයෝජනවලට බලපෑමක් එල්ල විය හැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතු බව ඇය එහිදී අවධාරණය කළා.

 

මේ අතර, දෝෂාභියෝග ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලංකාවට මැදිහත්වීමට අධිරාජ්‍යවාදීන්ට ඉඩ සැලසුණු බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පවසනවා. එහි කැදවුම්කරු ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්  මේ බව කියා සිටියේ කොළඹ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 
[MP3]s51472_3[/MP3]                                   

 

නව අගවිනිසුරුවරයා ලෙස පත්කළ හිටපු නීතිපති මොහාන් පීරිස්ට  සුබ පතමින් අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට ද අද (15) උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම.

 
[MP3]s51472_4[/MP3]

[JPG]51472_1[/JPG]

[JPG]51472_2[/JPG]

[JPG]51472_3[/JPG]

[JPG]51472_4[/JPG]

[JPG]51472_5[/JPG]