ජනාධිපතිවරයාගේ තීරණයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය.

Tuesday, 15 January 2013 - 12:43

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.

නව අගවිනිසුරු තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කළ හිටපු නීතිපති මොහාන් පීරිස්ගේ පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවුණා. අද (15) උදෑසන 10 ට පාර්ලිමේන්තු සභාව රැස්වුණේ කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාට අමතරව සුළු ජාතීන් නියෝජනය කරමින් ඒ.එච්.එම්. අස්වර් සහ ඞී.එම්. ස්වාමිනාදන් යන මන්ත්‍රීවරුන් ද ඇතුළත්. එහෙත් අද (15) පාර්ලිමේන්තු සභාවට පැමිණ සිටියේ කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රීවරයා පමණයි. මීට පෙර ද කිසිඳු පාර්ලිමේන්තු සභා රැස්වීමකට එය නියෝජනය කරන විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.එම්. ස්වාමිනාදන් සහභාගි වී තිබුණේ නැහැ. පාර්ලිමේන්තු සභාවේ තීරණය පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්.

 

[MP3]s51473[/MP3]                            

 

මේ වන විටත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තු සභාවේ තීරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.