නීති ප්‍රවේශ විභාගය යළි පවත්වන්නැයි ඉල්ලීමක්.

Tuesday, 15 January 2013 - 13:05

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

2012 වසරේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල අක්‍රමිකතා පිළිබඳ ඇතිව තිබෙන උණුසුම තවමත් පහව ගොස් නැහැ. දෙවන වතාවටත් නීති විද්‍යාලයේ සිසුන් ලියාපදිංචිය තවත් සතියකින් කල් දැමීමට එහි විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගෝ ඊයේ (14) තීරණය කළා. හිරු ප්‍රවෘත්ති අංශයට දක්වමින් ඔහු කියා සිටියේ නීති අධ්‍යයන සභාවේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි.

 

[MP3]s51479_1[/MP3]

 

2012 වසරේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිට ඉන් සමත් වූ සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ජනවාරි 8 වන දායි. විභාගයට පෙනී සිටි සිසුන්ගේ සහ බොදුබල සේනා ඇතුළු සංවිධාන කිහිපයක  ඉල්ලීම මත එය සතියකින් කල් දැමීමට නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා තීරණය කළා. අනතුරුව ඔහු විභාග කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා සිටියේ 2012 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරන ලෙසයි.

 

එහෙත් පසුව යළිත් එම තීරණය වෙනස් කරමින් නීති විද්‍යාල විදුහල්පතිවරයා, විභාග කොමසාරිස්වරයාට නැවත සමීක්ෂණය සිදුනොකරන ලෙස දැනුම් දුන්නා. ඒ, නීති අධ්‍යයන සභාවේ අනුමැතිය ලබානොගෙන නැවත සමීක්ෂණ අවශ්‍ය බව ප්‍රකාශ කිරීම හේතුවෙන්. ඒ අනුව අද (15) යළි සිසුන් ලියාපදිංචිය ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එම කටයුතු ද සතියකින් කල් දැමුණා.

 



කෙසේ වෙතත් අද (15) පෙරවරුවේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් නීති විද්‍යාලය ඉදිරිපිටට රැස්වුණේ අද (15) දිනයේ ලියාපදිංචි කටයුතු ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන්. එහෙත් එය කල් දමා තිබුණ නිසා ඔවුන් අද (15) සිදුකිරීමට නියමිතව තිබූ විරෝධතාව අත්හිටවනු ලැබුවා. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රකාශ කළේ නීති ප්‍රවේශ විභාගය යළි පැවැත්විය යුතු බවයි.

 

[MP3]s51479_2[/MP3]                                                  

 

නීති ප්‍රවේශ විභාගය යළි පැවැත්විය හැකිදැයි හිරු ප්‍රවෘත්ති අංශය නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රොද්‍රිගෝගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඒ පිළිබදව තීරණයක් ගත හැක්කේ නීති අධ්‍යයන සභාවට බවයි.