සජිත් ප්‍රේමදාසට පරීක්ෂණයක්.

Tuesday, 15 January 2013 - 19:00

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට තිබෙනවා. පසුගියදා පැවති දෝෂාභියෝග විවාදයේදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ගත් තීරණයට පිටුපා කටයුතු කිරීම මෙම පරීක්ෂණ පැවැත්වීමට හේතුවයි. එම දෝෂාභියෝග විවාදය සඳහා සහභාගිවන පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් නම් කල අතර ඊට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ නම ඇතුලත් වූයේ නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් දෝෂාභියෝග විවාදයේදී සිදුකිරීමට නියමිත කථාවෙන් විනාඩි 15 ක කාලයක් ලබාගෙන විවාදයට සහභාගි වුනා. පක්ෂයේ පොදු තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පිළිබඳ් ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමිනුයි මෙම පරීක්ෂණය පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත්තේ.

මේ අතර මෙම පරීක්ෂණය හේතුවෙන් ලබන මස 21 වැනිදා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පත් කිරීමට නියමිතව තිබූ 2013 වසර සඳහා නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක ධුර පත්කිරීම කල්යනු ඇති බවයි වාර්තාවන්නේ. සජිත් ප්‍රේමදාස, ජෝසප් මයිකල් පෙරේරා සහ දයා ගමගේ යන මන්ත්‍රීවරු එම තනතුර දැරූ අතර පසුගිය ජනවාරි 8 වැනිදා සිට ඔහුගේ තනතුරුවල කාලය නිමාවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories