තෙල් කාන්දු වීම් යළිත්.

Tuesday, 15 January 2013 - 19:06

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.

කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ සිට කොළඹ වරාය දක්වා දිවෙන තෙල් සංස්ථා ඉන්ධන නලයක නැවතත් ස්ථාන දෙකකින් අද (15) තෙල් කාන්දුවීම් වාර්තා වුණා. ඔරුගොඩවත්ත - මීතොටමුල්ල - කම්බිකොටුව වත්ත ප්‍රදේශය සහ තොටලඟ - නාගලගම්වීදිය - පපඩම්වත්ත යන ප්‍රදේශ හරහා භූගතව ගමන් කරන  තෙල් නලවලයි මෙම තෙල් කාන්දුව වාර්තාවී ඇත්තේ. ඉන්ධන තොග තෙල් ගඩබා පර්යන්ත සමාගම සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙම තෙල් කාන්දුවීම සිදුවන බවයි. මේ වනවිට අදාළ ස්ථාන වෙත කාර්මික නිලධාරීන් යොදවා ඇති බවද තෙල් ගබඩා පර්යන්ත සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඉන්ධන ලීටර් 3000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් පිටතට ගොස් ඇති බවයි වාර්තාවන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන ඉන්ධන තොග තෙල් ගබඩා පර්යන්ත සමාගමේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන.

[MP3]s51488_1[/MP3]    

මීට පෙරද අවස්ථා ගණනාවකදී ස්ථාන කිහිපයකින් මෙම තෙල් නලයේ ඉන්ධන කාන්දුවීම සිදුවුණා. බ්ලූමැන්ඩල් මහවත්ත ප්‍රදේශයෙන්ද පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්ධන කාන්දුවීමක් වාර්තාවුණා. ඊට ආසන්තම දිනයකදී ඔරුගොඩවත්ත ගුවන් පාලමට ආසන්න ප්‍රදේශයකින්ද තෙල් කාන්දුවීමක් හටගත්තා.

පසුගිය වසරේම නොවැම්බර් මස පස්වන දින ඔරුගොඩවත්ත ගුවන් පාලමට ආසන්න ප්‍රදේශයෙන් සහ මීතොටමුල්ල - විහාරමාවතේ නාවික හමුදා ක්‍රීඩාංගණය ආසන්නයේ වළලා තිබූ නල මාර්ගයක මෙවැනිම තෙල් කාන්දුවීම් වාර්තාවුණා. එම අවස්ථාවේදී අප ඒ සම්බන්ධයෙන් ඉන්ධන තොග තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් විමසීමක් කළා. මේ එම අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන.

[MP3]s51488_2[/MP3]  

ජාතික සේවක සංගමයේ කොළොන්නාව ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ තෙල් කාන්දුවීම් දිගින් දිගටම සිදුවූවත් බලධාරීන් ඊට නිසි පිලියම් යෙදීම පැහැර හරින බවයි.
 
[MP3]s51488_3[/MP3]