නව අගවිනිසුරු මොහාන් පීරිස් දිවුරුම් දී වැඩ අරඹයි.

Tuesday, 15 January 2013 - 19:11

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.

අතීතයට නොව වර්තමානයට ගැලෙපන අයුරින් නීතිය සකස් විය යුතු බව නව අගවිනිසුරු මොහාන් පීරිස් පවසනවා. සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නීතීඥවරුන් පිරිසක් හමුවෙමින් නව අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළා. එහිදී අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ නීති පද්ධතිය අභියෝගවලට මුහුණදිය හැකි අයුරින් හැඩගැසිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් අද දහවල් 12.37 ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අරලියගහ මන්දිරයේ පැවති මෙම දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද එක්ව සිටියා.

ඉන් අනතුරුව අද දහවල් නව අගවිනිසුරුවරයා කොළඹ අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි අගවිනිසුරු නිල කුටියේදී  ධුරයේ වැඩ භාරගත්තා.

හිටපු නීතිපති මොහාන් පීරිස්, නව අගවිනිසුරු ධුරය සඳහා නම් කළ ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තු සභාව වෙත යොමු කලා.  අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු සභාව එය අනුමත කර ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නා. ඉන් අනතුරුවයි නව අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් වැඩ භාරගත්තේ.
 
[MP3]s51490[/MP3]

[JPG]s51483_1[/JPG]

[JPG]s51483_2[/JPG]

[JPG]s51483_4[/JPG]

[JPG]s51483_55[/JPG]

[JPG]s51490_1[/JPG]

[JPG]s51490_2[/JPG]

[JPG]s51490_3[/JPG]

[JPG]s51490_4[/JPG]

[JPG]s51490_5[/JPG]

[JPG]s51490_6[/JPG]