උපරිමාධිකරණයට උපරිම ආරක්ෂාව.

Tuesday, 15 January 2013 - 19:43

%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80.


අද උදෑසන සිට උපරිමාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණා. ඒ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන බවටත් නව අගවිනිසුරුවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන බවට වාර්තා පළවීමත් සමගයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ  මෙන්ම පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ද පොලීසිය සමග ආරක්ෂක කටයුතුවල යෙදී සිටියා.

කෙසේ වෙතත් උපරිමාධිකරණ සංකීර්ණය අසළ ආරක්ෂාවේ යෙදී සිටි පොලීස් නිලධාරීන් සහ නීතිඥවරුන් කිහිප දෙනෙකු අතර අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නීතීඥ එකමුතුව නියෝජනය කරන  නීතිඥයින් පිරිසක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පැවැත්වීමට උත්සාහ කිරීමත් සමගයි දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණේ. ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල, මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයයි මේ.

[MP3]s51495_1[/MP3]         

නව අගවිනිසුරුවරයා ලෙස පත් වූ හිටපු නීතිපති මොහාන් පීරිස්ට  සුබපතමින් ස්වයං රැකියා නියුක්තියන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ද උපරිමාධිකරණය ඉදිරිපිටට පැමිණ සිටියා.

[MP3]s51495_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories