ප්‍රාථමිකය ඉවත් කිරීමට විරෝධය පා කලවානේත් උද්ඝෝෂණ.

Wednesday, 16 January 2013 - 13:01

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AE%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.


කලවාන ජාතික පාසලේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් මේ වනවිට පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් රත්නපුර - කලවාන ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. විරෝධතාවයට එක්ව සිටින කලවාන ජාතික පාසලේ සිසුන්ගේ දෙමව්පියන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට පාසලේ ප්‍රාථමික අංශය නැවත ස්ථාපනය කරදෙන ලෙසයි.

[MP3]s51525[/MP3]

මීට පෙරද කලවාන ජාතික පාසලේ දෙමව්පියන් පාසල ඉදිරිපිට මෙවැනි විරෝධතාවයක් පවත්වනු ලැබුවේ තම පාසලේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරෝධය පළ කරමින්. එහෙත් බලධාරීන්ගෙන් ඊට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙනුයි අද දිනයේ ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වන්නේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙනත් පාසලක ස්ථාපිත කිරීමට සහය පළ කරමින් සහ ඊට විරෝධය පළ කරමින් ඊයේ දිනයේත් මෙවැනිම උද්ඝෝෂණ දෙකක් පැවැත්වුණා.


මීට අමතරව මෙම වසරේ පාසල් වාරය ආරම්භවීමත් සමඟම වරාපිටිය - බණ්ඩාරණායක ජාතික පාසල, හලාවත - කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලය සහ වැලිගම මුස්ලිම් ජාතික පාසල ඉදිරිපිට එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමව්පියන් විරෝධතාවල නිරත වුණේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරෝධය පළ කරමින්.



නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More