විදේශ අමාත්‍යවරයා ලබන සතියේ ඉන්දියාවට.

Wednesday, 16 January 2013 - 13:08

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් ලබන සතියේ ඉන්දියාවේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී දෙරට අතර දැනට සිදුකෙරෙන ආර්ථික, සංවර්ධන සහ රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාපෘති යළි සලකා බැලීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති. සංචාරය අතරතුර දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම් නවදිල්ලි නුවරදී විශේෂ සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමත්, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමත් එක්වනු ඇති. සල්මන් කුර්ෂිඞ් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවැත්වෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවද මෙය වනවා. ඉන්දීය ආධාර යටතේ ඉදිවන උතුරු නැගෙනහිර නිවාස 50,000 ව්‍යාපෘතිය සහ කෘෂිකර්ම, අධ්‍යාපනික ව්‍යාපෘති කෙරෙහි මෙම සංචාරයේදී ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිස වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories