කාශ්මීර දේශ සීමාවේ ගැටුම් නැවැත්වීමට එකඟතාවයක්.

Thursday, 17 January 2013 - 8:25

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඉන්දු - පාකිස්ථාන දේශ සීමාව වන කාශ්මීරයේ පසුගියදා ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් දෙරටේ හමුදා ප්‍රධානීන් සාකච්ඡා කර ඊයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. පසුගියදා කාශ්මීර දේශ සීමාවේ ඇතිවූ සිද්ධීන්වලදී ඉන්දීය සෙබළුන් විසින් තම හමුදා සාමාජිකයෙකු ඝාතනය කළ බවටයි පාකිස්ථාන ආරක්ෂක අංශ චෝදනා කළේ. පසුව ඇතිවූ ගැටුම්වලින් ඉන්දීය සෙබලූන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පාකිස්තාන සෙබලෙකු ද මිය ගියා. කෙසේ වෙතත් වසර 10 කට පසුව කාශ්මීර දේශ සීමා සම්බන්ධයෙන් එකඟතාවයන් එම සිදුවීමත් සමග බිඳ වැටුණා. මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ සාමය පවත්වාගෙන යාමට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories