පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද ඇරඹේ.

Friday, 18 January 2013 - 7:33

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.



මෙම වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික දිනය අදට යෙදී තිබෙනවා. මෙහි ජාතික උත්සවය ත්‍රිකුණාමලය විද්‍යාලෝක විද්‍යාලයේදී අද (18) පැවැත්වෙන්නේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්පන්දහසකට ආසන්නයි. මේ අතර පාසල් සිසුන්ට දිවා ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනද ත්‍රිකුණාමලය ශ්‍රී මතුමායියාම්බල් විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.  මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

 
[MP3]s51617[/MP3]