හිටපු අගවිනිසුරුවරිය ලබාදුන් විනිසුරු ස්ථාන මාරු 7 ක් අවලංගු කෙරේ.

Friday, 18 January 2013 - 7:40

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරානායක විසින් විනිසුරුවරුන් හත්දෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ අවලංගු කර තිබෙනවා. මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී තිබූ මෙම ස්ථාන මාරුවීම් එසේ අවලංගු කරනු ලැබුවේ නව අගවිනිසුරු මොහාන් පීරිස් විසින්. ස්ථාන මාරුවීම් අවලංගු කර ඇති බවට දැනටමත් අදාළ විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු කුමුදුනී වික්‍රමසිංහට ගම්පහ සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙස සහ ගම්පහ සිවිල් අභියාචන මහාධිකරණයේ විනිසුරු සමන් වික්‍රමසිංහට කොළඹ මහාධිකරණ විනිසුරු ලෙස ලබාදී තිබූ පත්වීම මේ අනුව අවලංගු වනු ඇති. ඊට අමතරව ගම්පහ සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරාට කෑගල්ල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙස සහ අම්පාර මහාධිකරණ විනිසුරු අනුර කුමාරට අනුරාධපුර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙස ලබාදී තිබූ මාරුවීමද අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට ගම්පහ සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙස සහ අවිස්සාවේල්ල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරාට ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙසත් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු එම්. ඉසෙඞ් රෂීන්ට අවිස්සාවේල්ල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙසත් ලබාදී තිබූ ස්ථාන මාරුව මේ අනුව අවලංගු වනු ඇති.



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More