ශ්‍රී ලංකාව භාරයේ පසුවූ ඉරාන නැවක් පළා යයි.

Friday, 18 January 2013 - 13:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



අධිකරණ නියෝගයක් මත රඳවාගෙන තිබූ ඉරාන නෞකාවක් නාවික හමුදාව විසින් කරන ලද අනතුරු ඇඟවීම් නොතකා පලාගොස් ඇති බව වාර්තාවනවා. රොයිටර් පුවත් සේවය සඳහන් කළේ අමීනා නැමති මෙම නෞකාව අයත් සමාගමෙන් අයවිය යුතු ඩොලර් මිලියන ගණනක ණය පැහැර හැරීම හේතුවෙන් ජර්මානු බැංකුවක් අදාල අධිකරණ නියෝගය ලබාගෙන තිබූ බවයි. නෞකාව නාවික සැතපුම් 12 ක සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසීම හේතුවෙන් ජගත් සංවිධාන නීතිය යටතේ එය තවදුරටත් රඳවා ගැනීමට නොහැකිවී තිබෙනවා. යුරෝපා සංගමය සහ ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති ඉරාන නෞකා සමාගමකට අයත් මෙම නෞකාව ඉරානයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවයි. සම්බාධක නොතකා අවි ආයුධ ප්‍රවාහනය කළ බවටද අදාළ නෞකා සමාගමට චෝදනා එල්ලවී තිබෙනවා.

 

අදාළ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් නික්ම යාම පිළිබඳව රාජ තාන්ත්‍රික මට්ටමෙන් දැනුම්දීමක් සිදුකරන බව වෙළඳ නැව් අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න සඳහන් කළා. ශ්‍රී ලංකාවෙන් නික්මුණු ඉරාන නෞකාව අමීනා ඉන්දීය මුහුදු තීරය ආසන්නයෙන් ගමන් ගන්නා නිසා ඒ පිළිබඳව කේරළ වරාය බලධාරින්ට දැනුම් දී ඇති බව සඳහන්. එමගින් පලා යන නෞකාව සොයාගැනීම සඳහා වෙරළාරක්ෂක යාත්‍රාවක්ද යොදවා තිබෙනවා. නෞකාවේ 24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි අතර ඔවුන් අතර සිටි ඉන්දියානුවන් 8 දෙනෙකු නෞකාව අත්අඩංගුවට පත්වීමත් සමග සිය රට බලා ගොස් තිබෙනවා.



ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More

සමුද්‍රීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා නව වැඩපිළිවෙළක් නාවික හමුදාවෙන් (වීඩියෝ)
Monday, 01 June 2020 - 14:09

සමුද්‍ර පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මයික්‍රො... Read More