සෞදි ආධාර එපා. - රිසානාගේ අම්මා කියයි.

Friday, 18 January 2013 - 18:37

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සෞදි අරාබියෙන් ලැබෙන කිසිඳු ආධාරයක් තමන් භාර නොගන්නා බව මරණ දඩුවමට ලක්වූ රිසානා නෆීක්ගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට අද (18) ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ වරදක් නොකළ තම දරුවාට ඔවුන් දඬුවම් ලබාදුන් බවයි. එහෙත් දරුවාට දඬුවම් ලබාදුන් අය වෙනුවෙන් තමන් යාඥා කරන බව රිසානාගේ මව අපට ප්‍රකාශ කළා. ඒ පිළිබද අදහස් දැක්වූ රිසානා නෆීක්ගේ මව වන ෂෙයියඞ් අහමඞ් රිෂිනා.

 
[MP3]s51673[/MP3]                                                                                       

 

සෞදි අරාබියේ අබ්දුල්ලා කුමරුගේ නීති උපදේශකවරයා ද තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියනයක් රිසානාගේ පවුලට පරිත්‍යාග කරන බව පසුගියදා ප්‍රකාශ කළා. ඒ පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීයි.

 

2005 වසරේ අප්‍රේල් 1 වන දා 17 හැවිරිදි බාල වයස්කාරිනියක් ලෙස විදෙස් ගත වූ රිසානා නෆීක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ජනවාරි 09 වන දායි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුළු විදෙස් රටවල් රැසක් ද හෙළා දුටුවා. ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව සෞදි අරාබිය තුළ ක්‍රියාත්මක ශරියා නීතිය සම්බන්ධයෙන් යෝජනාවක් ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ යුතු බවයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More