කොළඹ ප්‍රදේශ රැසකට අද වතුර නැහැ.

Saturday, 19 January 2013 - 7:25

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.



අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) දිනයේ කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, අද (19) උදෑසන 8 සිට පස්වරු 2 දක්වා පැය 6 ක කාලයක්, කොළඹ, කෝට්ටේ, දෙහිවල - ගල්කිස්ස සහ කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. මහරගම, කැස්බෑව, බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශවල ද අද (19) පැය 6 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. තලංගම, හෝකන්දර, මාළඹේ, තලවතුගොඩ, ජයවඩනගම, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණ යන ප්‍රදේශවල ද අද උදෑසන 8 සිට පස්වරු 2 දක්වා ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

 
මේ අතර, අද (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9 ක කාලයක් කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, සේදවත්ත, ගොතටුව, මාදින්නාගොඩ, මොරගස්මුල්ල සහ නාවල - රාජගිරිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More