පාකිස්තාන රජයේ ඳුෂණ සෙවූ නිලධාරියා ගෙළ වැලලාගෙන මිය යයි.

Saturday, 19 January 2013 - 10:13

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B3%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රොෆ්ගේ ඳුෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරියෙකු ගෙළ වැලලාගෙන මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඉස්ලාමාබාද් අගනුවර ඔහු නැවතී සිටි නිවහනේ තිබී කම්රන් ෆයිසාල් නැමැති මෙම නිලධාරියාගේ සිරුර හමුවූ බවයි පාකිස්තාන පොලීසිය සඳහන් කළේ. කෙසේ නමුත් මොහුට දිවි නසා ගැනීමට හේතුවක් නොතිබූ බව ඥාතීන් පැවසීමත් සමග ඔහු ඝාතනයට ලක්වී ඇත්දැයි සොයා බලන බව පොලීසිය ප්‍රකාශ  කළා. පාකිස්තානයේ ජල හා විදුලි අමාත්‍යවරයා ලෙස සිටි සමයේ එනම් 2010 වසරේ දී වත්මන් අගමැති රාජා අෂ්රොෆ් අල්ලස් ලබාගෙන විදුලිජනන ව්‍යාපෘතියක් අනුමත කළ බවට චෝදනා එල්ල වී ඇති අතර පාකිස්තානය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ද පසුගිය අගහරුවාදා නිකුත් කළා.