උ. කොරියාවට එරෙහිව ඇමෙරිකාව,චීනය එක්වෙයි.

Saturday, 19 January 2013 - 12:57

%E0%B6%8B.+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් උතුරු කොරියාව වෙත පැණවුණු ජගත් සංවිධාන සම්බාධක පුළුල් කළ යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා. පසුගිය දෙසැම්බර් 12 වැනිදා උතුරු කොරියාව විසින් සිදුකරන ලද රොකට් අත්හදා බැලීමෙන් අනතුරුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ චීන විදේශ අමාත්‍ය යෑං ජෙයිචි අතර මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම සිය රොකට් ගමනේ අරමුණ බව උතුරු කොරියාව ප්‍රකාශ කළ ද ඇමෙරිකාව කියා සිටින්නේ එය දිගුදුර රොකට් තාක්ෂණය අත්හදා බැලීමක් බවයි. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කර ගැනීමට නියමිත ප්‍රකාශනය එහි සාමාජික රටවල් 15 වෙතම, ලබාදී තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ නිෂේද බලය හිමි චීනයේ සහය ලබා ගැනීම සඳහායි ඇමෙරිකාව ඔවුන් සමඟ සාකච්ඡා කළේ. ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය තුළ උතුරු කොරියාව වෙනුවෙන් පෙනී සිටින්නේ ද චීනයයි.



බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More