මෙරට සඳකඩ පහනක් බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට.

Saturday, 19 January 2013 - 12:46

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7.

වසර 1500කට වඩා පැරණි අනුරාධපුර යුගයට අයත් පෞරාණික සඳකඩ පහණක් ලබන අප්‍රේල් මාසයේ දී ලන්ඩන් නුවර ප්‍රසිද්ධ කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී අලෙවි කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම සදකඩ පහන දැනට එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පැරණි නිවසක පියගැට පෙළට යොදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම නිවසේ වර්තමාන හිමිකරුවන් විසිනුයි අදාළ සදකඩ පහන අලෙවි කිරීමට වෙන්දේසි සමාගමකට භාර දී ඇත්තේ. මෙම නිවසේ හිමිකරුගේ මව විසින් අදාළ නිවස එරට තේ වැවිලිකරුවෙකුගෙන් මිලදී ගෙන ඇති බව සඳහන්. ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක මෙම සදකඩ පහන මෙරටින් රැගෙන යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම සදකඩ පහන ටොන් තුන් කාලක් බරින් ද අඟල් 6ක ගණකමින් ද අඩි 8ක විෂ්කම්භයෙන් ද යුක්තයි. එයට මේ වන විට ස්ටර්ලින් පවුම් 30,000ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 70කට මූලික ලන්සු තබා තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබදව පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායකගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ යටත්විජිත සමයේ හෝ වෙනත් ක්‍රමවේදයකින් දිවයින් බැහැර වූ පුරාවිද්‍යා භාණ්ඩයක් ජාත්‍යන්තර නීතියට අනුව නැවත ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි. කෙසේ වුවත් එය මිලදී ගැනීමේ හැකියාවක් ලක් රජයට පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට තානාපති කාර්යාලය හරහා සාකච්ඡා සිදුකෙරෙන බව ද පුරාවිද්‍යා කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළා.

rn

[MP3]s51714[/MP3]



දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More

රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More