නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාව ගැන යළි කථාකරයි.

Saturday, 19 January 2013 - 12:48

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කෙරුණු දෝෂාභියෝග ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍යයට බලපාන පසුගාමී පියවරක් බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. ජගත් මානව හිමිකම් කොමසාරිවරිය වෙනුවෙන් ජිනීවා නුවරදී අදහස් දැක්වූ ඇගේ ප්‍රකාශක රූපට් කොල්වින් කියා සිටියේ එම ක්‍රියාවලිය මෙරට අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මැදිහත්වීමක් ද වන බවයි. විධායක බලය අනිසි ලෙස භාවිත කිරීමේ අවස්ථා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දැක ගත හැකි මෙම පියවර  තුළින් මෙරට මූලික වගවීම් සහ සංහිඳියා ක්‍රියාවලිය උදෙසා කැපවීම පිළිබඳ වැරදි සංඥාවක් මතුවන බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය පෙන්වාදී ඇත්තේ. එමෙන්ම, යුද්ධයෙන් පසු දෝෂාභියෝග ක්‍රියාවලියේදී අගවිනිසුරුවරියට සහය පළ කළ නීතීඥයන් තර්ජනවලට ලක්ව ඇති බව ද ඇය සඳහන් කළා.

කෙසේ නමුත්, පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ මෙරට ව්‍යවස්ථාවට අනුකූල බවයි.

rn

[MP3]s51715[/MP3]

මේ අතර, ජගත් සංවිධාන මූලස්ථානයේදී ද ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමසීමක් සිදුවුණා. එහිදී ඉනර්සිටි ප්‍රෙස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් විමසා ඇත්තේ ඇය තවදුරටත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරනවා ද යන්නයි. ඇය මේ වසරේ ජනවාරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඊයේ (18) ඇය නැවතත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තම ස්ථාවරය වෙනස් වී නොමැති බවයි.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More