ඇමරිකානු නිලධාරීන්ගේ අරමුණ සොයන්න. රජය වෙත ඉල්ලීමක්.

Sunday, 20 January 2013 - 7:25

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරුන් තුන්දෙනා ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ සොයා බලා රටට ඇතුළුවීමට ඉඩ ලබා දෙන ලෙස දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරනවා. එම ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ ඔවුන් මෙරටට පැමිණෙන්නේ ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසියේදී රටට එරෙහි යෝජනාවන් සම්මත කර ගැනීමට සාක්ෂි සපයා ගැනීමට බවයි.

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කෙරුණු දෝෂාභියෝග ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍යයට බලපාන පසුගාමී පියවරක් බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ද ඊයේ ප්‍රකාශ කර තිබුණා. ඇමරිකානු නිලධාරින්ගේ පැමිණීම පිළිබඳ තවදුරටත් අදහස් දක්වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර.

[MP3]s51745_1[/MP3]

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරුන් 03 දෙනෙකු ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කරන බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන එක් සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන්නේ 2006 වසරේ සිට 2009 වසර දක්වා කොළඹ -  ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේන්් ආර් මුවර්. දකුණු හා මධ්‍යම ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස්.බී.සිමර්මන් සහ දකුණු හා අග්නිදිග ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්‍රම් ජේ.සිං එලෙස පැමිණෙන අනෙක් සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙදෙනායි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශක ක්‍රිස් එල්ම්ස්.

[MP3]s51745_2[/MP3]