‘‘දරුවන් රැකබලාගැනීම’’ ගෘහ සේවයෙන් ඉවත් වන ලකුණු.

Sunday, 20 January 2013 - 12:30

%E2%80%98%E2%80%98%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E2%80%99%E2%80%99+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මැද පෙරදිග රැකියා සඳහා යැවීමේදී නව නීති හඳුන්වා දීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය සූදානම් වනවා. ඒ අනුව විදෙස් ගතවන ගෘහ සේවිකාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 25 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර පැවසුවේ. ඊට අමතරව රැකියා ගිවිසුමෙන් කුඩා දරුවන් බලාගැනීම ඉවත් කිරීම සහ අදාළ රටේ ඒජන්සිකරුවෙකු සමග ගිවිසුම්ගත වීම අනිවාර්යය කිරීමද එම යෝජනාවලට ඇතුළත්. මෙම යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින අතර ඉදිරියේදී අවසන් එකඟතාවයට පැමිණීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

 

කෙසේ වෙතත්, සෞදි අරාබියේදී හිස ගසා මරා දමනු ලැබූ රිසානා නෆීක් වෙනුවෙන් පැවති සර්වාගමික වැඩසටහනකට දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී එක්වෙමින් පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාද මෙම නව යෝජනා සම්බන්ධයෙන් අදහසක් පළ කළා.

[MP3]s51762[/MP3]



\
Tuesday, 14 July 2020 - 23:02

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ගැසට් පත්‍රය වෙනස් කර හෝ මැතිවරණය පවත්වා අවසන් කරන්නැයි දයාසිරි ඉල්ලයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 23:01

මැතිවරණය දීර්ඝ කාලයක් නොපැවැත්වීම හේතුවෙන් අපේක්ෂකයන් දැඩි... Read More

සවලක් 25ට කැපෙන මහා පරිමාන වැලි ජාවාරම ගැන CIA අණාවරණය (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:41

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සදහා කන්තලේ, මහියංගනය,මනම්පිටිය... Read More