ශීතලත් සමග මධ්‍යම පළාතේ ඉන්ෆ්ලූවෙන්සා අවදානමක්

Sunday, 20 January 2013 - 12:37

%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A


පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය පැතිරයාමේ අවදානමක් පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ පවසනවා. පසුගිය සතියේදී මාතලේ මහ රෝහලට ඇතුළත් කළ රෝගීන් 12 දෙනෙකුගෙන් දෙදෙනෙකු මියගිය අතර, ඉන්ෆ්ලූවෙන්සා රෝගය නිසා ඔවුන් මියගොස් ඇති බවට වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් තහවුරු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ.

 [MP3]s51764_1[/MP3]
 
විශේෂයෙන් ගර්භනී කාන්තාවන් මෙම රෝගී තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඇය කියා සිටියේ.

 
[MP3]s51764_2[/MP3]