ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සැපයූවා. - ජනපති.

Sunday, 20 January 2013 - 19:43

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%96%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජනතාවට වඩා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා ඉතිහාසය තුළ වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රජය වැඩිම මුදලක් වැය කරන්නේ මෙරට දරුවන්ගේ අධ්‍යාපනය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. රුපියල් මිලියන 6686 ක මුදලක් වැය කරමින් නුවරඑළිය මහ රෝහල නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (20) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 2005 වසරේ රජය භාරගැනීමෙන් පසුව අකර්මන්‍යව පැවති වතු රෝහල් මධ්‍යම රජයට පවරාගනිමින් මෙරට වතු ජනතාවට ද ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවූ බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s51799[/MP3]

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) උදෑසන නුවරඑළිය නගරයට අවට සංචාරයක ද නිරත වුණා. නුවරඑළිය නගරයේ සංචාරය කරන අතරතුර ජනාධිපතිවරයා එහි ජනතාව සමග ද සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. නගරයට අවට ගොඩ ගසා ඇති කැලි කසල දුටු ජනාධිපතිවරයා ඒවා ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ද නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.



කොළඹ නගරයට ඍජුවම ,අසීමිතව ජනතාව ප්‍රවාහනයට අවස්ථාවක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
Tuesday, 26 May 2020 - 9:24

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම... Read More

සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන උසස් පෙළ විභාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක්
Tuesday, 26 May 2020 - 8:47

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල... Read More

පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More