කරුණානිධි ලංකාව ගැන යළි ඉන්දීය රජයට ලියයි.

Monday, 21 January 2013 - 7:39

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාට හිතකර වාතාවරණයක් නොපවතින බව තමිල්නාඩු හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි පවසනවා. ඒ පිළිබඳව ඉන්දියාව නිසි පියවර ගතයුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං සහ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි වෙත ලිපියක් යොමු කරමින් කරුණානිධි මේ බව පෙන්වා දී ඇතැයි ඉන්දීය පී ටී අයි ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා. දෙමළ භාෂාව, සංස්කෘතිය උපාය මාර්ගිකව හීන කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද කරුණානිධි එම ලිපියෙන් පෙන්වා දෙනවා. ඒ අනුව දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශ වෙත සිංහල ජනතාව යොමු කිරීම සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
එමෙන්ම යුද්ධයෙන් අවතැන්වූ දෙමළ පවුල් යළි පදිංචි කරවීම සඳහා වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද කරුණානිධි එම ලිපියේ සඳහන් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More