නව තනතුරු ගැන UNP තීරණය අද.

Monday, 21 January 2013 - 7:45

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+UNP+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

2013 වසරට අදාලව එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් පත්කිරිම ඇතුළු විශේෂ තීරණ කිහිපයක් ගැනෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (21) පැවැත්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි. පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීම ඒ අනුව අදට යෙදී තිබෙනවා. නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාද, උප නායක ධුරය සඳහා ජෝසප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයාද, ජාතික සංවිධායක ධුරය සඳහා දයා ගමගේ මන්ත්‍රීවරයාද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් නම් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දුන්නේ බොහෝවිට නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාගේ නම අද දිනයේ යෝජනාවීමට ඉඩ නොමැති බවයි. ඊට හේතුවී ඇත්තේ පසුගියදා පැවති දෝෂාභියෝග විවාදයේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් පැවැත්වීමයි.

කෙසේ වුවත් නියෝජ්‍ය නායක සහ ජාතික සංවිධායක ධුරය සඳහා තවත් නම් කිහිපයක් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් විසින් යෝජනා කිරිමට නියමිත බවද වාර්තාවනවා. එසේ එක් තනතුරක් සඳහා නම් කිහිපයක් යෝජනා වුවහොත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.  

මීට අමතරව අගවිනිසුරුවරියට  එරෙහි දෝෂාභියෝගයේදී ඊට පක්ෂව ඡුන්දය ලබාදුන් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ආණ්ඩු පක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක් ගැනීමට නියමිතයි. පසුගියදා දෝෂාභියෝග විවාදයට පෙර අදාල මන්ත්‍රීවරුන්ට සිය පක්ෂයේ මතයට අනුව ඊට විරුද්ධව ඡන්දය ලබාදෙන ලෙස විශේෂ ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව පක්ෂ තීරණයට එරෙහිව යමින් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරුන් පිළිබඳවයි අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත්තේ.

පසුගිය 2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් 18 දෙනෙකු මේ වනවිට රජයට සහය පළ කරනවා.

මේ අතර වත්මන් ආණ්ඩුවේ කල් ඉකුත්වීම 2014 වර්ෂයට යෙදී තිබෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ රිදීගම - දොඹගොල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

[MP3]s51802[/MP3]



අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More