ඇමරිකාවත් දවල් මිගෙල්, රෑ දනියෙල්. රජය

Monday, 21 January 2013 - 7:58

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%91+%E0%B6%AF%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඇමරිකානු ක්‍රියා කලාපය දවල් මිගෙල් රෑ දනියෙල් ක්‍රමයට අනුව සිදුවන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පවසනවා. ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළා.

[MP3]s51803[/MP3]
 
මේ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පසුගියදා නිවේදනය කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ දූත පිරිසක් ලබන 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. සහකාර රාජ්‍ය ලේකම්වරුන් තුන්දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වනවා. උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඊට අනුකූලව සැකසූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ශ්‍රී ලංකා සංචාරයේදී සිදුකරන සාකච්ඡාවලට ප්‍රධාන විෂය වන බවයි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.