නීති සිසුන් ශ්‍රේෂ්ඨාධිකරණයට.

Monday, 21 January 2013 - 12:38

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

පසුගිය වසරේ නීති විභාගයේදී අසාධාරණයක් සිදුවූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව තීරණය කර තිබෙනවා. මේ අනුව එම පෙත්සම හෙට (22) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට සැළසුම් කර ඇති බවයි  එහි සභාපති රම්සි භාචා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s51823_1[/MP3]                     

නීති ප්‍රවේශ විභාගයට පෙනී සිට සමත්වූ සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ජනවාරි 8 වැනිදායි. නමුත් විභාගයට පෙනී සිටි සිසුන්ගේ ඉල්ලීම මත එය අවස්ථා දෙකකදී කල් දැමීමට නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා තීරණය කළා.

කෙසේ වෙතත් නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගූ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නවක සිසුන් ලියාපදිංචි කිරීමේ දිනයක් තවමත් තීරණය කර නොමැති බවයි.

මේ අතර පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් නීතීඥ එකමුතුව විසින් අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අද සංවිධානය කර තිබුණා. නීතීඥ එකමුතුවේ සාමාජික, නීතීඥ සුනිල් වටගල කියා සිටියේ දෝෂාභියෝගයට එරෙහි වූ ඇතැම් නීතීඥවරුන්ට එල්ලවන බලපෑම්වලට විරෝධය පළ කරමින් මෙම පෙත්සමට අත්සන් ගැනීම සිදුකරන බවයි.

[MP3]s51823_2[/MP3]