ඉන්දු - ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන්ගේ හමුව අනිද්දා.

Monday, 21 January 2013 - 12:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F.



දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුලූ මෙරට රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් අද ඉන්දියාව බලා පිටත්ව යනවා. ඒ ශ්‍රී ලංකා - ඉන්දීය ආර්ථික සබඳතා කොමිසමේ වාර්ෂික රැස්වීම සඳහායි. ඒ අනුව හෙට නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකාව සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගිවන රැස්වීම පැවැත්වීමට නියමිත අතර අනිද්දා දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡාව පැවැත්වෙනු ඇති. සල්මන් කුර්ෂිඞ් ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සමග පැවැත්වෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවද මෙය වනවා. මෙම වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ආර්ථික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගිවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එහිදී දැනට ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව විසින් සිදුකරනු ලබන ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

 
මේ අතර ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ද මුණගැසීමට නියමිත බවයි.



එජාප අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:42

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

මහා මැතිවරණය ගැන අදහස්  (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:38

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

මැනිලා අගනුවර විවෘත වෙයි
Monday, 01 June 2020 - 13:23

කොරෝනා වසංගතයත් සමඟ ලොව වැඩිම කාලයක් වසා දමා තිබූ නගරයක්... Read More