අලි පන්නන්න සිවිල් ආරක්ෂාව ඉල්ලයි.

Monday, 21 January 2013 - 18:43

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

වන අලි තර්ජනය මැඩ පැවැත්වීමට සිවිල් ආරක්ෂක භටයින් ලබා දෙන ලෙසට ගොවිජන සේවා හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා.

 
[MP3]s51847[/MP3]

 
එමෙන්ම, ඊයේ රාත්‍රියේ අම්පාර - ලාතුගල ප්‍රදේශයේ දී වන අලියෙකුට බඳින ලද තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේ අතර පෙරේදා (19) රාත්‍රීයේ ද ගලිගමුව - ඇහැටුවැව - දිවුල්ගනේ ප්‍රදේශයේදී ද වන අලියෙකු පහරදීමෙන් වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.