දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් 4 අගවිනිසුරු මොහාන් පීරිස් වෙත.

Monday, 21 January 2013 - 18:58

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+4+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් 4ක් අගවිනිසුරු මොහාන් පීරිස් වෙත යොමු කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (21) තීරණය කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනු කළ මෙම පෙත්සම් අද (21) සලකා බැලූණේ නිමල් ගාමිණී අමරතුංග, පී.ඒ. රත්නායක සහ ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල හෝ ඊට වැඩි විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ව්‍යවස්ථානුකූලව එම විනිසුරු මඩුල්ල පත් කිරීම අගවිනිසුරු මොහාන් පීරිස් විසින් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. ඊට පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මූලික විරෝධතාවයක් මතු කරනු ලැබුවා. කෙසේ වෙතත්, අවසානයේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ල තීරණය කළේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එය අගවිනිසුරු මොහාන් පීරිස් වෙත යොමු කිරීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories