එජාප නියෝජ්‍ය නායක පත් කිරීම කල් යයි.

Tuesday, 22 January 2013 - 7:31

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝශප් මයිකල් පෙරේරා සහ දයා ගමගේ පත්ව තිබෙනවා. ඒ, ඊයේ (21) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. මෙම රැස්වීමේදී නියෝජ්‍ය නායක තනතුර සඳහා පුද්ගලයෙකු පත් කර නොමැති අතර එය ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දක්වා කල් දමා ඇති බවයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ. පක්ෂයේ අනෙකුත් ප්‍රධාන තනතුරු වන මහලේකම්, සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරු සඳහා තිස්ස අත්තනායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ සෙනරත් කපුකොටුව පක්ෂ නායකවරයා විසින් මීට පෙර පත් කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කරනු ලැබූ පත් කිරීම් පිළිබදව පැහැදිලි කරන පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක.

 
[MP3]s51863_1[/MP3]

 

එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තේරී පත්වී පසුව ආණ්ඩුවට එක්ව දෝෂාභියෝගයට පක්ෂව ඡුන්දය ලබාදුන් මන්ත්‍රීවරුන්ට නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ලබාදුන් කාලය අදින් අවසන් වනවා. ඊට එම මන්ත්‍රීවරුන් දක්වන ප්‍රතිචාරවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

[MP3]s51863_2[/MP3]

 



කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකරගෙන් විමසීමක් කළා.

 

[MP3]s51863_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories