නව අගවිනිසුරු පිළිගැනීමේ උත්සවය හෙට. - නීතිඥ සංගමය නෑ.

Tuesday, 22 January 2013 - 7:33

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91.

නව අගවිනිසුරු මොහාන් පීරිස් පිළි ගැනීමේ සාම්ප්‍රදායික නිළ උත්සවය හෙට (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්වෙනවා. කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලූම අධිකරණවල විනිසුරුවන් ද නීතිඥවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥයින් මීට සහභාගිවීම සම්ප්‍රදායක් ලෙස සිදුකෙරෙනු ඇති. එහෙත් හෙට (23) පැවැත්වෙන නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ උත්සවයට සහභාගි නොවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ පසුගිය මස 15 වැනිදා පැවැති නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීරණය ගත් බවයි. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ උත්සවයේ දී නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සභාව ඇමතිය යුතුයි.

 

පසුගිය මස 15 වැනිදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමේදී ප්‍රධාන යෝජනා 3ක් සම්මත කර ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ හිටපු අගවිනිසුරුවරිය වෙනුවට වෙනත් කෙනෙකු පත් කළහොත් නව අගවිනිසුරුවරයා තම සංගමය පිළි නොගන්නා බවයි.

 

[MP3]s51864_1[/MP3]

 

කෙසේ වෙතත්, මෙම යෝජනා සම්මත කරගෙන ඇත්තේ නියමිත ක්‍රියාවලියට අනුකූලව නොවන බව නීතිඥ සංගමයේ හිටපු උප සභාපතිනී නීතිඥ අනෝමා ගුණතිලක ප්‍රකාශ කළා. පසුව ඇය මෙම තත්ත්වයට විරෝධය පා සිය තනතුරින් ද ඉල්ලා අස්වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ හිටපු උපසභාපතිනී නීතිඥ අනෝමා ගුණතිලක.

 
[MP3]s51864_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories