සැකකරුවෙකු පැය 48 ක් රඳවා ගැනීම පිළිබද විවාදය අද.

Tuesday, 22 January 2013 - 7:35

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 48 කාලයක් පොලීසියේ රඳවා තබාගැනීමට අදාළ නියමයන් ඇතුළත් අපරාධ නඩු විශේෂ විධිවිධාන පනත යටතේ සංශෝධනයක් අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. මෙම සංශෝධනය මුල් වරට 2011 වසරේ නොවැම්බර් මාසයේ දී අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහෙත් එම සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා. එම පෙත්සම් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවේ මෙම පනත් කෙටුම්පතේ අඩුපාඩු පවතින බැවින් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. ඒ අනුව මෙය සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.

 
කෙසේ වෙතත් අද (22) ඉදිරිපත් කෙරෙන සංශෝධනයන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මෙම සංශෝධනයට විරුද්ධ බව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More