චෝදනා ගැන කොටපොළ සමූපාකාර සභාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්.

Tuesday, 22 January 2013 - 10:20

%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතියේ සේවකයන්ට තමන් පහර නොදුන් බව එහි සභාපති බන්දු රණවක පවසනවා. සභාපතිවරයා පහර දුන් බවට චෝදනා කරමින් ඊයේ (21) එම විවිධ සේවා සමූපාකාර සමිතියේ සේවකයන් පිරිසක් දෙනියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගය පිටබැද්දර ප්‍රදේශයෙන් හරස් කර විරෝධතාවක නිරත වුණා. එම විරෝධතාවය ඊයේ රාත්‍රිය වන තෙක් පැවැති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා සහ සේවකයන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකදී තුවාල ලැබූ සේවකයන් සිව් දෙනෙකු රෝහල් ගත කළ බවයි. කෙසේ වෙතත් සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

[MP3]s51886[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories