සන්සී සංක්‍රමණිකයෙකුට සරණාගතභාවය අහෝසියි.

Tuesday, 22 January 2013 - 13:11

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92.


සන්සී නෞකාවෙන් 2010 වසරේ කැනඩාවට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංක්‍රමණිකයෙකු වෙත ලබාදුන් සරණාගතභාවය අහෝසි කිරීමට කැනඩාවේ මධ්‍යම අධිකරණය ඊයේ (21) තීන්දු කළා. ඒ, ඔහුට ලබාදුන් සරණාගතභාවයට එරෙහිව කැනේඩියානු රජය ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. සන්සී නෞකාවෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංක්‍රමණිකයින් 492 දෙනෙකු කැනඩාවට පැමිණි අතර ඊට පෙර 2009 වසරේ  ඕෂන් ලේඩි නෞකාවෙන් සංක්‍රමණිකයින් 76 දෙනෙකු පැමිණියා. සන්සී නෞකාවෙන් කැනඩාවට පැමිණි එක් ශ්‍රී ලාංකිකයෙකුට ලබා දී තිබූ සරණාගතභාවය හේතුවෙන් එම සියල්ලන්ටම සරණාගතභාවය ලබාදීමට අවස්ථාවක් උදා වී තිබුණා. කැනේඩියානු රජය ඉදිරිපත් කළ එම තර්කය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි අදාළ ශ්‍රී ලාංකිකයා වෙත ලබාදුන් සරණාගතභාවය අහෝසි කළ යුතු බවට එරට ෆෙඩරල් අධිකරණය ඊයේ තීන්දු කළේ. 



සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට තෙක් කල් යයි
Wednesday, 27 May 2020 - 14:39

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More