අගවිනිසුරු පිළිගන්න නීතීඥ සංගමය සූදානම්.

Tuesday, 22 January 2013 - 19:44

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

නව අගවිනිසුරු මොහාන් පීරිස් පිළිගැනීම සඳහා හෙට පැවැත්වෙන උත්සවයට මෙරට නීතීඥවරුන් බහුතරයක් සහභාගි වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිනි අනෝමා ගුණතිලක ප්‍රකාශ කළා.   

[MP3]s51926_1[/MP3]

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා විශේෂ සමුළුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තා. එදින මාධ්‍ය හමුවක් පවත්වමින් තම තීරණය පැහැදිළි කළ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජේදාස රාජපක්ෂ.

[MP3]s51926_2[/MP3]                          

කෙසේ වෙතත් දෙසැම්බර් 15 පැවැත්වූ සමුළුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේ මෙම යෝජනා සම්මතකරගැනීම සම්බන්ධයෙන්. ඒවා ඒකමතිකව සම්මත කර නොගත් බවටයි ඇතැම් නීතීඥවරුන් එහිදී ප්‍රකාශ කළේ. මේ එම සමුළුවේදී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයයි.

[MP3]s51926_3[/MP3]                                

මෙම තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරිය වූ අනෝමා ගුණතිලක එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ශ්‍රී ලංකාවේ දැනට නීතීඥවරුන් 14000 කට අධික සංඛ්‍යාවක් සිටිනවා. දෙසැම්බර් 15 සමුළුවට සහභාගි වී සිටියේ 3000 කට ආසන්න පිරිසක් පමණයි. කෙසේ වෙතත් මේ වනවිට නීතීඥ සංගමයේ පිරිස් විවිධ නම්වලින් නව සංගම් පිහිටුවා ගනිමින් කටයුතු කරන ස්වභාවයක්ද දක්නට ලැබෙනවා.

අගවිනිසුරුවරයෙකු අලූතින් පත්වූ විට පවත්වන උත්සවයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා සභාව ඇමතීම සම්ප්‍රදායක් පමණක් බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකටද මෙවැනි උත්සවයක් නොපැවැත්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

[MP3]s51926_4[/MP3]



2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More