ඇමති ජී.එල්. අද ඉන්දීය අගමැති හමුවේ.

Wednesday, 23 January 2013 - 7:40

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද (23)ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අමතරව අමාත්‍යවරයා එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් සමග ද සාකච්ඡා පවත්වනු ඇති බවයි. ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අමාත්‍ය ජී.එල්.පීරිස් සමග පවත්වන ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව මෙය වනවා. ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා කොමිසමේ වාර්ෂික සැසියට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන් කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය සඳුදායි.



යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More

පෞද්ගලික වාහන තුළදී මුඛ ආවරණ අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි
Thursday, 04 June 2020 - 8:59

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින තත්වයත් සමඟ මුඛ ආවරණ පැළඳිය... Read More