නව අගවිනිසුරු පිළිගැනීම අද.

Wednesday, 23 January 2013 - 8:07

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF.

නව අගවිනිසුරු මොහාන් පීරිස් පිළිගැනීමේ නිල උත්සවය අද (23) පෙරවරු 10 ට කොළඹ - අලූත්කඬේ උසාවි සංකීර්ණයේදී පැවැත්වෙනවා. කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලූම අධිකරණවල විනිසුරුවන් ද නීතිඥවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥයින් මීට සහභාගිවීම සම්ප්‍රදායක් ලෙස සිදුකෙරෙනු ඇති. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ උත්සවයේ දී නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සභාව ඇමතිය යුතුයි.

එහෙත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් සංජය ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පැවැත්වෙන නව අගවිනිසුරු පිළිගැනීමේ උත්සවය සඳහා තම සංගමයේ නීතීඥවරුන් සහභාගි නොවන බවයි. පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා පැවැති නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමේදී සම්මත කර ගත් යෝජනාවලට අනුව මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු උප සභාපතිනි අනෝමා ගුණතිලක කියා සිටියේ මෙම උත්සවය සඳහා මෙරට නීතීඥවරුන් බහුතරයක් සහභාගි වන බවයි.

ශ්‍රී ලංකාවේ දැනට නීතීඥවරුන් 14000 කට අධික සංඛ්‍යාවක් සිටිනවා. දෙසැම්බර් 15 සමුළුවට සහභාගි වී සිටියේ 3000 කට ආසන්න නීතිඥවරු පිරිසක් පමණයි. මේ වනවිට නීතීඥ සංගමයේ පිරිස් විවිධ නම්වලින් නව සංගම් පිහිටුවා ගැනීමට කටයුතු කරන ස්වභාවයක්ද දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අගවිනිසුරුවරයෙකු අලූතින් පත්වූ විට පවත්වන නිල උත්සවයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා සභාව ඇමතීම සම්ප්‍රදායක් පමණක් බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ.

[MP3]s51947[/MP3]